සුපිරි අට වටයේ පළමු තරගයෙන් ඇමෙරිකාව පරදා දකුණු අප්‍රිකාවට ලකුණු 18 ක ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන් සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය පරදා ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(19) සමත් වුණා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්තා.

ඇමෙරිකාව සිය පිළිතුරු ඉනිමේ දී දකුණු අප්‍රිකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් වූ නමුත්, පන්දුවාර 20 අවසානයේ දී ඔවුන්ට කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

ආරම්භක පිතිකරු Andries Gous පන්දු 47 කින් ලකුණු 80 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිතර වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 5 බැගින් ඇතුළත් වුණා.

Harmeet Singh ලකුණු 38 ක් හා Steven Taylor ලකුණු 24 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් සමගින්. ඒඩ්න් මාක්‍රම් ලකුණු 46 යි. හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 36 ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Saurabh Netravalkar හා Harmeet Singh කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...