එංගලන්තයේ සුපිරි හඹා යාම හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ දෙවැනි තරගයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(20) පෙරවරුවේ සමත් වුණා.

ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

ජොන්සන් චාර්ල්ස් ලකුණු 38 ක් රැස් කළ අතර, නිකලස් පූරාන් හා රොව්මන් පවෙල් ලකුණු 36 බැගින් රැස් කළා. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23 ක් ලබා සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර්, අඩිල් රෂීඩ්, මොයීන් අලී හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පිල් සෝල්ට් පන්දු 47 කින් නොදැවී ලකුණු 87 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් සමගින්. ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 48(26) යි. ජොස් බට්ලර් ලකුණු 25 කට හා මොයීන් අලී ලකුණු 13 කට දැවී ගියා.

රොමාරියෝ ෂෙපර්ඩ් යොමු කළ එංගලන්ත ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී පිල් සෝල්ට් විසින් ලකුණු 30 ක් රැස් කිරීම ද කැපී පෙනුණා. ඒ, පිළිවෙලින් එම පන්දුවාරයේ දී 4, 6, 4, 6, 6, 4 ක් වාර්තා කරමින්.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...