සූර්යකුමාර් හා බුම්රා ඉන්දියාවට සුපිරි අටටත් ජයග්‍රාහී ආරම්භයක් හිමි කර දෙයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තෙවැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා‍.

බාර්බඩෝස් හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසිය‌ේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 181 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 8කටත්, විරාත් කෝලි ලකුණු 24 කටත් දැවී ගියා. රිෂාබ් පාන්ට් ලකුණු 20 යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදව් පන්දු 28 කින් ලකුණු 53 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. ශිවම් ඩූබේ ලකුණු 10 කටත්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 32 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 26 කට කඩුලු 3 ක් හා ෆසල්හක් ෆරූකි ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 26 ක්, නජිබුල්ලාහ් සඩ්‍රාන් ලකුණු 19 ක් හා ගුල්බදීන් නයිබ් ලකුණු 17 ක් ලබා ගත්තා. මොහමඩ් නබී ලකුණු 14 යි.

ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11 ක් හා හස්රතුල්ලාහ් සසායි ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියා. ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 8යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 7 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං ලකුණු 36 කට කඩුුලු 3 ක් දවා ගත්තා. කුල්දීප් යාදව් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 32 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...