Watch : බංග්ලාදේශයට එරෙහිව කමින්ස් දවා ගත් කඩුලු ත්‍රිත්වය

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත ‌වෙමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් මෙරට වේලාවෙන් අද(21) පෙරවරුවේ සමත් වුණා.

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයෙකු දවා ගත් පළමු කඩුලු ත්‍රිත්වය මෙය වන අතර, බංග්ලාදේශයට එරෙහිවයි ඔහු එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

North Sound හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 140 ක් රැස් කළා.

ඉනිමේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී හා 20 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීයි කමින්ස් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මහ්මුදුල්ලාහ්, මහෙදි හසාන් හා තව්හිද් හ්රිදෝයි යන පිතිකරුවන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...