විලියම්සන් නායකත්වයෙන් ඉවත් වෙයි – ලීග් තරග වෙනුවෙන් නවසීලන්ත කොන්ත්‍රාත්තුවත් එපා කියයි

Date:

නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම නවසීලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ පසුබිමකයි.

මීට අමතරව ඔහු 2024-25 තරග වාරය වෙනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පිරිනමන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලි සදහා අවධානය යොමු කිරීමේ අරමුණිනුයි විලියම්සන් එම තීරණය ගෙන ඇත්තේ.

“සියලු තරග රටාවලින් කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට උපකාර කිරීම මම ගොඩක් ආසා කරන දෙයක්. ඒ වගේම එය මට දිගටම දායක වීමට අවශ්‍ය දෙයක්” යනුවෙන් විලියම්සන් සඳහන් කළා.

“නමුත් නවසීලන්ත ගිම්හාන ඍතුවේදී විදෙස් තරගාවලි අවස්ථාවක් (ලීග්) ලබා ගන්නවා කියන්නේ මට හැකියාවක් නැහැ මධ්‍යම කොන්ත්‍රාත්තුවක් පිළිගන්න.”

කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක්, එක්දින තරග 165 ක් හා T20 තරග 93 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ටෙස්ට් තරග 40කදී, එක්දින තරග 91 කදී හා T20 තරග 75 කදී ඔහු නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර, 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය, 2021 T20 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය මෙන්ම 2021 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය නවසීලන්තය දිනා ගත්තේ ද ඔහුගේ නායකත්වය යටතේයි.

මේ අතර, නවසිලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් ද නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත්තු පිළි නොගැනීමට තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...