කවීෂා හා විශ්මි ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Date:

කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හා විශ්මි ගුණරත්නගේ අර්ධ ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(18) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 31 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

Rashada Williams ලකුණු 24 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගත්තා. අචිනි කුලසූරිය හා චමරි අතපත්තු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 21.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශ්මි ගුණරත්න පන්දු 50 කින් ලකුණු 50 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.

චමරි එක් ලකුණකටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු නොලබාත් දැවී ගියා. කවීෂා දිල්හාරි ලකුණු 28 යි. හසිනි පෙරේරා එක් ලකුණකට දැවී ගියා. නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 6 ක් හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු දෙකක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Karishma Ramharack ලකුණු 29 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...