ඉන්දියාවට එරෙහි තරගයේ දී ඇමෙරිකාවට දඩුවම් ලකුණු පහක් පැනෙව්වේ ඇයි ?

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 25 වැනි තරගයේ දී ක්‍රිකට් පිටියේ කලාතුරකින් දක්නට ලැබෙන දඩුවම් ලකුණු පැනවීමක් සිදු කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

නිව් යෝර්ක්හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී ඉන්දියාව සමගින් තරග වැදුණේ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 50(49) ක් රැස් කළා.

ඉන්දීය ඉනිමේ 16 වැනි පන්දුවාරය ආරම්භ වීමට පෙරයි විනිසුරුවන් විසින් මෙලෙස ඇමෙරිකාවට එරෙහිව දඩුවම් ලකුණු 5 ක් පැනවීමට කටයුතු කළේ.

ඒ, ඇමෙරිකා කණ්ඩායම විසින් පන්දුවාරයක් අවසන් වී අලුත් පන්දුවාරයක් ආරම්භ කිරීම සදහා අවස්ථා තුනකදී මිනිත්තුවකට වැඩි කාලසීමාවක් ලබා ගැනීම හේතුවෙන්.

එම දඩුවම ලබා දෙන අවස්ථාව වන විට ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා පන්දු 30 කින් ලකුණු 35 ක් අවශ්‍යව තිබූ නමුත්, දඩුවම් ලකුණු 5ක් පැනවීමත් සමග ඉන්දියාවට පන්දු 30 කින් ජයග්‍රහනයට අවශ්‍ය වූයේ ලකුණු 30 ක් පමණයි.

අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ ප්‍රතිපලයට මෙම දඩුවම් ලකුණු පැනවීම ද යම් බලපෑමක් එල්ල කළා.

ඉන්දීය පිතිකරුවන් දඩුවම් ලකුණු පැනවීමෙන් පසුව ඉතා ඉක්මණින් තරගය අවසන් කිරීම සදහා වේගයෙන් පන්දුවට පහර දීමට පෙළඹෙන ආකාරයක් දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...