අවසන් පන්දු 12 දී රදර්ෆර්ඩ් එල්ල කළ සුපිරි ප්‍රහාරය කොදෙව්වන් සුපිරි අටට ගෙන යයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 13 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ සිව්වැනි රට බවට පත් වීමට සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(13) පෙරවරුවේ සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ කඩුලු 5 ක් පන්දුවාර 6.3 ක් තුළ ලකුණු 30 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. පන්දුවාර 17.5 ක් තුළ ලකුණු 112 කට කඩුලු 9ක් කොදෙව් කණ්ඩායමේ දැවී ගිය නමුත්, සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ශෙර්ෆේන් රදර්ෆර්ඩ් සමත් වුණා.

ඔහු පන්දු 39 කින් නොදැවී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 2 ක් සමගින්. ඉනිමේ අවසන් පන්දුවාර දෙකටම මුහුණ දීමේ වගකීම භාර ගත් රදර්ෆර්ඩ් එම පන්දු 12 තුළ දී ලකුණු 37 ක් වාර්තා කිරීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටිම් සවුති හා ලොකී ෆර්ගසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

නවසීලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ග්ලේන් පිලිප්ස්. ඔහු පන්දු 33 කින් ලකුණු 40 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට උත්සාහ දැරූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලකුණු 26 කට දැවී ගියා.

මිචෙල් සැන්ට්නර් පන්දු 12 කින් නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තේ තරගයේ අවසන් පන්දුවාරයේ දී එල්ල කළ හයේ පහර 3ක් ද සමගින්.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ගුඩකේෂ් මෝති ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙම පරාජයත් සමග සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමේ නවසීලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු ද දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

[team_standings 59914]

 

කොදෙව් ඉනිමේ අවසන් පන්දුවාර දෙකේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...