සටනකින් පසු ඇමෙරිකාව පරදා ඉන්දියාව සුපිරි අටට

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් ලබමින් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත් තෙවැනි කණ්ඩායම බවට පත් වීමට ඉන්දියාව අද(12) සමත් වුණා.

පිතිකරණයට එතරම් උචිත නොමැති නිව් යෝර්ක්හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සිව්වැනි කඩුල්ලට සූර්යකුමාර් යාදව් හා ශිවම් ඩූබේ එක්ව ගොඩ නැගූ නොබිදුණු ලකුණු 67 (65) ක සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින්.

සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 50(49) ක් රැස් කළ අතර, ඩූබේ නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31 (35)ක්. සූර්යකුමාර් ලකුණු 22 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් Saurabh Netravalkar අතින් ගිලිහී යාම ද තරගයේ තීරණයට බලපානු ලැබුවා.

ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම විරාත් කෝලි ලකුණු නොලබා සිය පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, නායක රෝහිත් ෂර්මා ලබා ගත්තේ ලකුණු 3 ක් පමණයි. එම කඩුලු දෙකම දවා ගත්තේ Saurabh Netravalkar විසින්. රිෂාබ් පාන්ට් ලකුණු 18 කට දවා ගැනීමට අලී ඛාන් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකා ඉනිමේ පළමු පන්දුවෙන්ම ඇමෙරිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shayan Jahangir දවා ගැනීමට අර්ෂ්දීප් සිං සමත් වූ අතර, පළමු පන්දුවාරයේ දී ම ඔහු විසින් Andries Gous ගේ කඩුල්ල ද දවා ගත්තා. ආරෝන් ජෝන්ස් ලකුණු 11 යි. කොරේ ඇන්ඩර්සන් ලකුණු 15 කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිටිෂ් කුමාර් ලකුණු 27 (23) ක් රැස් කළ අතර, ස්ටීවන් ටේලර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24(30) ක්.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 9ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. හර්ඩික් පාන්ඩ්යා කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 14 ක් ලබා දෙමින්.

[team_standings 59912]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...