Watch : ආරක්ෂක නිලධාරියාගේ පපුවේ වදින්න ටේලර් ගහපු හයේ පහර

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයේ දී ඇමෙරිකා එක්සත් ජනපද පිතිකරු ස්ටීවන් ටේලර් එල්ල කළ හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

මෙරට වේලාවෙන් අද(12) රාත්‍රී 8:00 ට නිව් යෝර්ක්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තා.

නිටිෂ් කුමාර් ලකුණු 27 ක් රැස් කළ අතර, ස්ටීවන් ටේලර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24 ක්.

ඉනිමේ 9 වැනි පන්දුවාරය ශිවම් ඩූබේ විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පස්වැනි පන්දුවටයි ටේලර් විසින් අලංකාර හයේ පහරක් එල්ල කළේ.

මෙම හයේ පහර එල්ල කිරීමේ දී පන්දුව කෙළින්ම ක්‍රීඩාංගනයේ රැදී සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ පපු ප්‍රදේශයේ වැදීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...