තීක්ෂණ, වනිදු පසුබසිද්දී නබී ලෝකෙන්ම එක වෙයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(12) නිවේදනය කළා.

ඊට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී සමත්ව තිබෙනවා.

නබී පළමු ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙද්දී මෙතෙක් පෙරමුණේ පසු වූ බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් ස්ථාන 4කින් පසුබැස තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන තුනකින්.

වනිදු හසරංග තුන්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

මේ අතර, ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 8 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 12 වැනි ස්ථානය දක්වායි. ඒ, ඔහු මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී තරග දෙකකදී ලබා ගත් ලකුණු 156 හේතුවෙන්.

සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ බාබර් අසාම් සමත්ව තිබෙනවා.

එංගලන්තයේ ජොස් බට්ලර් 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, කොදෙව් පිතිකරු බ්‍රෙන්ඩන් කිංග් 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මේ අතර, පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය තවදුරටත් පිළිවෙලින් එංගලන්තයේ අඩිල් රෂීඩ්ට හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට හිමිව ඇති අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ ෆසල්හක් ෆරූකි සම 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්. ඔහු සමග සම 4 වැනි ස්ථානය දක්වා දකුණු අප්‍රිකාවේ අන්රික් නොකියා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්.

මහීෂ් තීක්ෂණ 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස තිබෙනවා.

මේ අතර, විස්සයි 20 නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා. ඒ අනුව පාකිස්තානය 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...