අසීරු නිව් යෝර්ක් තණතීරුවේ දී ඉන්දියාව ජයග්‍රහනයකින් ලෝක කුසලාන ගමන අරඹයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(5) සමත් වුණා.

පන්දු යවන්නන්ට උචිත නිව් යෝර්ක් තණතීරුවේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්තයට ආරාධන කළා.

ඒ අනුව අයර්ලන්තයට පන්දුවාර 16 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 7 පිතිකරු ගැරෙත් ඩිලේනි පන්දු 14 කින් ලකුණු 26 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

ජොෂ් ලිට්ල් ලකුණු 14කටත්, කර්ටිස් කැම්පර් ලකුණු 12 කටත්, ලෝකන් ටකර් ලකුණු 10කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 12.2 ක් අවසානයේ දී කඩුලු 2 ක් දැවී සිටියදීයි.

රෝහිත් ෂර්මා සමගින් ඉනිම ආරම්භ කළ විරාත් කෝලි එක් ලකුණකට දවා ගැනීමට මාර්ක් අඩයර් සමත් වුණා. ෂර්මා පන්දු 37 කින් ලකුණු 52 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූයේ පන්දුවක් අතේ වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්. හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඉන්දීය නායකයාගේ ඉනිම වර්ණවත් කළා.

අංක 3 පිතිකරු වූ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 36(26) ක් රැස් කළා. සූර්යකුමාර් යාදව් ලබා ගත්තේ ලකුණු දෙකක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...