උගන්ඩාව ඉතිහාසයේ පළමු ලෝක කුසලාන ජය ලබද්දී ඔස්ට්‍රේලියාවටත් විශිෂ්ඨ ජයක්

Date:

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සිය පළමු ජය වාර්තා කිරීමට උගන්ඩා කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 9 වැනි තරගයෙන් පැපුවා නිව් ගිනියාව පරදා කඩුලු තුනක ජයක් වාර්තා කරමින්.

ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ උගන්ඩාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියාව පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 77 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩාව පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

උගන්ඩාවේ ඓතිහාසික ජයග්‍රහනය වෙනුවෙන් පන්දු යැවීමෙන් Alpesh Ramjani, Cosmas Kyewuta, Juma Miyagi හා Frank Nsubuga කඩුලු 2 බැගින් දවා ගනිමින් දායකත්වය ලබා දුන් අතර, පිතිකරණයෙන් Riazat Ali Shah ලකුණු 33 (56) ක් රැස් කිරීමට සමත් වුණා.

උගන්ඩාව එක් අවස්ථාවක ලකුණු 26 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්ත්වයක පසු වූ පසුබිමකයි Riazat Ali Shah සටන්කාමී ඉනිමක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

මේ අතර, තරගාවලියේ 10 වැනි තරගය බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී අද පැවැති අතර, එම තරගයෙන් ඕමානය පරදා ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඕමානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

Ayaan Khan ලකුණු 36 ක් හා Mehran Khan ලකුණු 27 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා. මිචෙල් ස්ටක්, නේදන් ඇලස් හා ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 56 ක් රැස් කළේ පන්දු 51 කින්. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මර්කස් ස්ටොයිනිස් හයේ පහර 6 ක් හා හතරේ පහර 2ක් සමගින් පන්දු 36 කින් ලකුණු 67 ක් නොදැවී ලබා ගත්තා.

මේ අතර, මෙම තරගයේ දී ග්ලේන් මැක්ස්වෙල් පළමු පන්දුවෙන්ම දවා ගැනීම සදහා ඕමාන නායක Aqib Ilyas විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ද සමත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...