දඹුල්ලට නව හිමිකාරීත්වයක් ; අලුත් නමත් නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් සහ නව නාමය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව 2024 LPL තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම “දඹුල්ල සික්සර්ස්” ලෙස හැඳින්වීමට නියමිතයි.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants, Inc. සමාගම විසින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව සදහන්.

Sequoia Consultants හි හිමිකාරීත්වය දරනු ලබන්නේ ප්‍රියංග ද සිල්වා මහතා විසිනුයි.

ඔහු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකුද වන අතර, 1983 වසරේදී ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමද නියෝජනය කළා.

දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවෙකු ලෙස මීට පෙර කටයුතු කළ Tamim Rahman නමැත්තා දූෂන චෝදනා මත පසුගිය 22 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැණුනා.අනතුරුව එම හිමිකරුවන් සමග පැවැති ගිවිසුම අවසන් කිරීමටයි තරගාවලියේ සංවිධායකයින් තීරණය කළේ.

LPL තරගාවලිය ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මහනුවර පල්ලේකැලේ, රංගිරි දඹුල්ල හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...