දෝනි පරදා කෝලිගේ RCB පිලට ලකුණු 37ක වාර්තාගත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු පරතරය අතින් ලැබූ ඉහළම ජයග්‍රහනය අද(10) වාර්තා කළා.

ඒ, මෙවර තරගාවලියේ 25 වන තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරදා ඔවුන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගෝර් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 169ක ලබා ගත්තා.

නායක විරාට් කෝලි නොදැවී ලකුණු 90ක් රැස් කළේ පන්දු 52කදී හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 40කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

අම්බටි රයිදු ලකුණු 42ක්, නාරායන් ජගදීසන් ලකුණු 33ක් රැස් කළා.

නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 10යි.

පන්දු යැවීමේ දී මෙවර තරගාවලියේ පළමු වරට තරගයක් ක්‍රීඩා කළ ක්‍රිස් මොරිස් ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඊට අමතරව වොෂින්ටන් සුන්දර් කඩුලු 2ක් බිද හෙලූ අතර, ඉසුරු උදාන පන්දුවාර 4 තුළ ලකුණු 30ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔහු විසින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් බිද හෙලනු ලැබුවේ අම්බටි රයිදුගේ කඩුල්ලයි.(දර්ශන මෙතනින්)

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...