මිලිමීටර් කිහිපයකික් පන්ජාබයට පරාජය – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වන තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට මෙවර තරගාවලියේ 6 වැනි පරාජය ද අත්කරමින්.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

ඒ, ෂුබ්මන් ගිල් රැස් කළ ලකුණු 57න් සහ නායක දිනේෂ් කාර්තික් පන්දු 29කින් ලබා ගත් වේගවත් ලකුණු 58න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි, අර්ෂ්දීප් සිං සහ රවී බිෂ්නෝයි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් පිලට සාර්ථක ආරම්භයක් ලබා දීමට නායක කේ.එල් රාහුල් සහ මයාන්ක් අගාර්වල් සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 115ක සබදතාවයක් ගොඩ නගමින්.

නායක කේ.එල් රාහුල් ලකුණු 74ක්(58) සහ මයාන්ක් අගාර්වල් ලකුණු 56ක්(39) රැස් කළා.

කෙසේ වෙතත්, මැද පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් තරගයේ ජය තහවුරු කර ගැනීමට පන්ජාබ් පිලට හැකි වූයේ නැහැ.

ඉනිමේ 17 වන පන්දුවාරය අවසන් වන විට පන්ජාබ් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා කඩුලු 9ක් අතැතිව පන්දු 18කින් ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 22ක්.

කෙසේ වෙතත්, 18 වන පන්දුවාරය යොමු කළ සුනිල් නාරායන් එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දවා ගනිමින් ලබා දුන්නේ ලකුණු දෙකක් පමණයි.

ඒ අනුව අවසන් පන්දුවාර දෙක තුළ ලකුණු 20ක් ලබා ගැනීමට පන්ජාබ් කණ්ඩායමට සිදු වූ නමුත් 19 වන පන්දුවාරයේ දී නායක කේ.එල් රාහුල් දැවී යාමත් සමග කොල්කටා කණ්ඩායමට තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඇදී ගියා.

අවසන් පන්දුවාරය යොමු කිරීමේ වගකීම ද සුනිල් නාරායන්ට හිමි වූ අතර, අවසන් පන්දුවට ලකුණූ සම කර ගැනීම සදහා ලකුණු 6ක් ලබා ගැනීමට පන්ජාබ් පිලට අවශ්‍ය වුණා.

කෙසේ වෙතත්, පන්දුවට පහරදුන් ග්ලේන් මැක්ස්වෙල්ට එම පන්දුවට එල්ල කිරීමට හැකි වූයේ හතරේ පහරක් පමණයි.

ඔහු පන්දුවට ඉහළින් පහරල් එල්ල කළ අතර, පන්දුව හයේ සීමාව ආසන්නයේම පතිත වූයේ තරගයේ ජය කොල්කටාවට හිමි කර දෙමින්.

පන්දුව තවත් මිලිමීටර් කිහිපයක් හතරේ සීමාව දෙසට වන්නට පතිත වූයේ නම් තරගයේ ජයග්‍රාහකයා තේරීම සදහා සුපිරි පන්දුවාරයක් ලබා දීමට ද සිදු වනවා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා යළි ඉදිරියට පැමිණීමට කොල්කටා කණ්ඩායම සමත් වූ අතර, පන්ජාබ් කණ්ඩායම තවදුරටත් අවසන් ස්ථානයේ පසුවනවා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...