සුනිල් නාරායන්ගේ පන්දු යැවීම සැක සහිත බවට යළි චෝදනා

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග ඊයේ(10) නිමා වූ මෙවර අයි.පී.එල් තරගාවලියේ 24 වන තරගයෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, මෙය අනතුරු ඇගවීමක් ලෙස පමණක් සලකනු ලබන බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට මෙවර තරගාවලියේ දී යළිත් වරක් මෙලෙස චෝදනා එල්ල වුවහොත් සුනිල් නාරායන්ට පන්දු යැවීම තහනම් කිරීමට කටයුතු කෙ‍රෙනු ඇති.

එසේ වුවහොත් ඔහුට යළි පන්දු යැවිමේ අවසරය හිමි වන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් කමිටුව (BCCI Suspect Bowling Action Committee) විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බවට තහවුරු කළහොත් පමණයි.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් කොල්කටා කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කළ අතර, එහිදී සුනිල් නාරායන් පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතාවයක් ද දක්වනු ලැබුවා.

සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට 2014 වසරේ සිට අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඔහුට පන්දු යැවීමේ තහනම් ද පනවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...