ෂොයිබ් මලික්ගෙන් ආසියානු වාර්තාවක්

Date:

පන්දුවාර 20යි 20 තරගවලදී ලකුණු 10,000 සීමාව පසු කළ පළමු ආසියානු ක්‍රීඩකයා වීමට පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් සමත් වුණා.

ඒ, ජාතික 20යි 20 ශූරතා (National T20 Cup) තරගාවලිය අතරතුරයි.

38 හැවිරිදි ෂොයිබ් මලික් ලකුණු 10,000 සීමාව පසු කළ ලොව තෙවැනි ක්‍රීඩකයායි.

මීට පෙර කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් (13,296) සහ කිරන් පොලාඩ් (10,370) මෙම කඩඉම පසු කිරීමට සමත්ව තිබුණා.

ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු 9,123ක් ලබා ආසියානු පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් මේ වන විට 20යි 20 තරග 395 ක් ක්‍රීඩා කර ඇති අතර, එයද ආසියානු වාර්තාවක්.

ඔහු තවත් තරග 5ක් ක්‍රීඩා කළහොත් ඉතිහාසගත වන්නේ 20යි 20 තරග 400ක් ක්‍රීඩා කළ ලොව සිව්වන ක්‍රීඩකයා ලෙසයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...