ස්ටක්ගේ සුපිරි පන්දු යැවීමත්, අයියර්ලාගේ ප්‍රහාරයත් හමුවේ නයිට් රයිඩර්ස් අවසන් මහා තරගයට

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, අවසන් වටයේ පළමු තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 38 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 58 (පන්දු 24) යි. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වෙන්කටේෂ් අයියර් පන්දු 28 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළේ ද හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 23 ක් හා සුනිල් නරේන් ලකුණු 21 ක් රැස් කළා.

පැට් කමින්ස් හා ටී නටරාජන් කඩුල්ල බැගින් දවා ගත් අතර, වියජකාන්ත් වියස්කාන්ත් යොමු කළ පන්දුවාර දෙක තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 22 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල වෙනුවෙන් රාහුල් ත්‍රිපාති පන්දු 35 කින් ලකුණු 55 ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් ලකුණු නොලබාත්, අභිෂේක් ෂර්මා ලකුණු 3 කටත් දැවී ගිය අතර, හෙන්රික් ක්ලාසන් ලකුණු 32(21)යි. පැට් කමින්ස් ලකුණු 30 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී ලකුණු 7යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී ලකුණු 26 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...