LPL වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වු ක්‍රීඩකයින් 15 දෙනා

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(21) පස්වරුවේ අවසන් වුණේ කණ්ඩායම් පහටම සිය සංචිත සකස් කර ගැනීම සදහා අවස්ථාව සලසා දෙමින්.

මෙවර වෙන්දේසියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ කුසල් ජනිත් පෙරේරා කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමයි.

එමෙන්ම මතීෂ පතිරණ ඉහළ මිලකට අලෙවි වීම ද කැපී පෙනුණා. ඔහු ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූලික වටිනාකමක් යටතේයි වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ.

මතීෂට ඇමෙරිකා ඩොලර් 120,000 ක (රුපියල් කෝටි 3.5 ක්) ලංසුවක් ගාලු කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නමුත්, පසුගිය වසරේ දී ඔහු කොළඹ කණ්ඩායම නියෝජනය කළ බැවින් කොළඹ කණ්ඩායම විසින් අවසානයේ දී මතීෂ පතිරණ සිය කණ්ඩායමට එම මුදල යටතේ හිමි කර ගැනීමට (right to match) සමත් වුණා.

අද පැවැති වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 15 දෙනා –

  1. මතීෂ පතිරණ – ඩොලර් 120,000 (රුපියල් කෝටි 3.5) – කලම්බු ස්ට්‍රයිකර්ස්
  2. ඉසුරු උදාන – ඩොලර් 100,000 (රුපියල් කෝටි 3) – ගෝල් මාර්වල්ස්
  3. දසුන් ශානක – ඩොලර් 85,000 (රුපියල් කෝටි 2.5) – බී ලව් කැන්ඩි
  4. කරීම් ජනත් – ඩොලර් 80,000 (රුපියල් කෝටි 2.4) – දඹුල්ල තන්ඩර්ස්
  5. රයිලී රොසෝව් – ඩොලර් 60,000 (රුපියල් කෝටි 1.8) – ජැෆ්නා කිංග්ස්
  6. බිනුර ප්‍රනාන්දු – ඩොලර් 55,000 (රුපියල් කෝටි 1.6) – කලම්බු ස්ට්‍රයිකර්ස්
  7. දුනිත් වෙල්ලාලගේ – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – කලම්බු ස්ට්‍රයිකර්ස්
  8. රහ්මනුල්ලාහ් ගුර්බාස් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – කලම්බු ස්ට්‍රයිකර්ස්
  9. ටස්කින් අහ්මඩ් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – කලම්බු ස්ට්‍රයිකර්ස්
  10. ඉෆ්ටිකාර් අහ්මඩ් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – දඹුල්ල තන්ඩර්ස්
  11. හස්රතුල්ලාහ් සසායි – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – දඹුල්ල තන්ඩර්ස්
  12. මුජීබ් උර් රහ්මාන් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – ගෝල් මාර්වල්ස්
  13. ධනංජය ද සිල්වා – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – ජැෆ්නා කිංග්ස්
  14. ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – ජැෆ්නා කිංග්ස්
  15. අසාම් ඛාන් – ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.5) – බී ලව් කැන්ඩි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...