ඇමෙරිකාව හමුවේ බංග්ලාදේශයට කඩුලු පහක අනපේක්ෂිත පරාජයක්

Date:

ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට සිදු වුණා.

මෙය විස්සයි 20 ජාතන්තර තරග ඉතිහාසයේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවැති පළමු විස්සයි 20 තරගය වූ අතර, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් දෙකටම පෙරහුරුවක් ලෙසයි තරග 3කින් යුත් මෙම විස්සයි 20 තරගාවලිය සංවිධාන කර ඇත්තේ.

පළමු තරගය Houston හි Prairie View Cricket Complex හී දී පැවැති අතර, ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 153 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව ඉනිම නිමා වීමට පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 34(25) ක් හා හර්මීට් සිං නොදැවී ලකුණු 33(13) ක් ලබා ගත් අතර, ආරම්භක පිතිකරු ස්ටීවන් ටේලර් ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 41 කට කඩුලු 2 ක් දවා ගත්තා. ශොරිෆුල් ඉස්ලාම් හා රිෂාද් හොසේන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ තව්හිද් හ්රිදෝයි. ඔහු පන්දු 47 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 58 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මහ්මුදුල්ලාහ් ලකුණු 31(22)යි.

පන්දු යැවීමේ දී ස්ටීවන් ටේලර් ලකුණු 9කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලානයේ සම සත්කාරක රටක් වන ඇමෙරිකාවට මෙම විස්සයි 20 තරග ජය සිය ආත්ම විශ්වාසය ඉහළ නංවා ගැනීම සදහා ඉතා වැදගත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...