IPL හැරදා කාගිසෝ රබාඩා යළි දකුණු අප්‍රිකාවට

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ආබාධයකට (an infection in the soft tissue of a lower limb) ලක්වීම හේතුවෙන් ඔහු එලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇති නමුත්, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

රබාඩා මෙවර අයි.පී.එල් තරගාවලියේ දී තරග 11 කදී කඩුලු 11 ක් දවා ගැනීමට සමත් වුණා.

පංජාබ් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් සමග ඔහුට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී යළි සිය රට බලා පිටව යාමට අවසර ලැබී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු ද මුණ ගැසී ඇති අතර, දකුණු අප්‍රිකා වෛද්‍ය කණ්ඩායම විසින් ඔහු පිළිබද දැඩි අවධානයෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...