රාජස්ථාන් අඛණ්ඩව ලැබූ සිව්වැනි පරාජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගය බදාදා (15) රාත්‍රියේ නිමා වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අඛණ්ඩව සිය 4 වැනි පරාජය ද උරුම කර දෙමින්.

ගුවහාටිහී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ පංජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු පහක ජයක් මෙම තරගයෙන් හිමි වූ අතර, ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 144 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිල ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක සෑම් කරන් පන්දු 41 කින් නොදැවී ලකුණු 63 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද, රාජස්ථාන් කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය රැක ගැනීමට සමත්ව සිටිනවා.

ඔවුන් මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා ඇතත්, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබා ගැනීමේ රාජස්ථාන් බලාපොරොත්තු මේ වන විට යම් අවධානමකට ලක්ව තිබෙනවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...