කොදෙව් – ශ්‍රී ලංකා තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(16) නිවේදනය කළ අතර, මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද, විස්සයි 20 තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියේ තරග ජූනි 15, 18 හා 21 යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලියේ තරග ජූනි 24, 26 හා 28 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

  • 1st ODI : 15th June – GICS, Galle
  • 2nd ODI : 18th June – GICS, Galle
  • 3rd ODI : 21st June – GICS, Galle
  • 1st T20I : 24th June – MRICs, Hambantota
  • 2nd T20I : 26th June – MRICs, Hambantota
  • 3rd T20I : 28th June – MRICs, Hambantota

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...