සන්දීප් ලැමිච්හානේ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරේ

Date:

නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට පටාන් මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට ද යළි පිවිසීමට හැකියාව ලැබෙන අතර, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වුවද ඔහුට ක්‍රීඩා කළ හැකියි.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා හෝටලයකදී තරුණියක් දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට වසර අටක සිරදඩුවමක් නියම කිරීමට කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේ පසුගිය ජනවාරි 10 වැනිදායි.

සිර දඩුවමට අමතරව නේපාල රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ඔහුට නියම කෙරුණු අතර, වින්දිතයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියම කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම මස මුලදී ඔහු සිය සිර දඩුවමටම එරෙහිව අභියාචනයක් ගොණු කළා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත්තේ අදාළ චෝදනාව සනාථ කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනුයි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නේපාල ක්‍රිකට් ආයතනය ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ ඔහුව එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.

මේ වන විටත් ලෝක කුසලානය සදහා වන මූලික නේපාල සංචිතය නිවේදනය කර ඇතත්, ලබන 25 වැනිදා දක්වා ඊට වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව පවතිනවා. මැයි 25 වැනිදායින් පසුව සිදු කරන වෙනස්කම් සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...