ෆකාර් හා රිස්වාන්ගේ ලකුණු 140 ක සම්බන්ධය අයර්ලන්තයේ බලාපොරොත්තු සුන් කරයි

Date:

තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගැනීම සදහා අයර්ලන්ත කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන් කරමින් ෆකාර් සමාන් හා මොහමඩ් රිස්වාන් පන්දු 78 කින් තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 140 ක අගනා සම්බන්ධතාවය හමුවේ අයර්ලන්තය පරදා දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඩබ්ලින් හී දී පැවැති තරගයේ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 193 ක් රැස් කළ අතර, පාකිස්තානය සිය පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.

ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 13 ක් තුළ බිද වැටුණේ තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු අයර්ලන්තයට හිමි කරමින්. කෙසේ වෙතත්, මොහමඩ් රිස්වාන් පන්දු 46 කින් නොදැවී ලකුණු 75 ක් හා ෆකාර් සමාන් පන්දු 40 කින් ලකුණු 78 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ෆකාර්ගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඇතුළත් වුණා. රිස්වාන්ගේ නොදැවුණු ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 6කින් වර්ණවත් වුණා. අසාම් ඛාන් නොදැවී ලකුණු 30 ක් ලබා ගත්තේ පන්දු 10 කින්.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය වෙනුවෙන් ලෝකන් ටකර් පන්දු 34 කින් ලකුණු 51 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගත්තා. අබ්බාස් අෆ්රිඩි කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 33 ක් ලබා දෙමින්.

මේ වන විට තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...