බාබර් අසාම් ලොව සාර්ථකම T20I නායකයා ලෙස ඉතිහාසගත වෙයි

Date:

පාකිස්තාන නායක බාබර් අසාම් ඊයේ(12) රාත්‍රියේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහනය කළ නායකයා බවට පත් වෙමින්.

අයර්ලන්තය සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි ඔහු එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ.

ඩබ්ලින් හී දී පැවැති තරගයේ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 193 ක් රැස් කළ අතර, සිය පිළිතුරු ඉනිමේ දී පාකිස්තානය පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.

මේ වන විට වැඩිම විස්සයි 20 ජාත්‍යන්ත තරග සංඛ්‍යාවකදී (තරග 78) කණ්ඩායමක් මෙහෙයවා ඇති නායකයා ද වන බාබර් අසාම් ඊයේ ලැබූ ජයත් සමග මේ වන විට ජය ගෙන ඇති සමස්ත විස්සයි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 45 ක්.

මීට පෙර වැඩිම විස්සයි 20 තරග සංඛ්‍යාවක් ජය ගනිමින් අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ උන්ඩාවේ Brian Masaba විසින්. ඔහු තරග 56 කින් ජය ගෙන තිබූ තරග ගණන 44 ක්.

[wpdatatable id=7]

කෙසේ වෙතත්, බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කිරීමට මෙතෙක් සමත් වී නැහැ.

2019 වසරේ දී නායකත්වයට පත් වූ බාබර්ගේ මෙහෙයවීම යටතේ පාකිස්තාන කණ්ඩායම ඒ ඒ රටවල්වලට එරෙහිව ජය පරාජ ලබා ඇත්තේ පහත සදහන් ආකාරයෙනුයි.

[wpdatatable id=8]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...