RCB හා CSK අවසන් වටයේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගනියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 62 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 47 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.

බැංගලූරු පිල අඛණ්ඩව ලැබූ පස්වැනි තරග ජය මෙය වන අතර, ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද මේ වන විට සමත්ව සිටිනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බැංගලූරුහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 187 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 19.1 ක් තුළ රැස් කර ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

විරාත් කෝලි ලකුණු 27 කටත්, ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 6කටත් දැවී යාමෙන් පසුව විල් ජැක්ස් පන්දු 29 කින් ලකුණු 41 ක්, රාජත් පටිදර් පන්දු 32 කින් ලකුණු 52 ක් හා කැමරන් ග්‍රීන් පන්දු 24 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් බැංගලූරු කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා රසික් සලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දිල්ලි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 39 කින් ලකුණු 57 ක් රැස් කළ වැඩබලන නායක අක්සාර් පටෙල්.

පන්දු යැවීමේ දී යශ් දයාල් ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලොකී ෆර්ගසන් කඩුලු දෙකක් බිද හෙලුවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු පහක ජයක්

මේ අතර, තරගාවලියේ 61 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලු 5 ක් දැවී ලකුණූ 141 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රාජස්ථාන් පිල වෙනුවෙන් රියාන් පරාග් නොදැවී ලකුණු 47(35) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී චෙන්නායි වෙනුවෙන් සිමර්ජීත් සිං කඩුලු 3 ක් හා තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 28 ක් ලබා දුන් නමුත්, ඔහුට කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

චෙන්නායි පිළිතුරු ඉනිම වෙනුවෙන් රුටුරාජ් ගයික්වඩ් නොදැවී ලකුණු 42 (41) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...