බ්‍රයන්ගේ හා රාසාගේ ප්‍රහාරය හමුවේ බංග්ලාදේශය අවසන් T20 තරගය පරදියි

Date:

බංග්ලාදේශය සමග පැවැති පස්වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් විස්සයි 20 තරගාවලියට සැනසුම්දායක අවසානයක් අත්කර ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(12) සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බ්‍රයන් බෙනට් පන්දු 49 කින් ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. නායක සිකන්ඩ රාසා පන්දු 46 කින් නොදැවී ලකුණු 72 ක් රැස් කළා. හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් හා මොහමඩ් සයිෆුදීන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 157 ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 15 ක් තුළ දැවී ගිය පසුබිමක මහ්මුදුල්ලාහ් පන්දු 44 කින් ලකුණු 54 ක් හා නජ්මුල් හොසේන් ශන්තෝ පන්දු 28 කින් ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා බ්‍රයන් බෙනට් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...