දකුණු අප්‍රිකා, එංගලන්ත හා බංග්ලාදේශ කණ්ඩායම් කොදෙව් සංචාරයක

Date:

දකුණු අප්‍රිකා, එංගලන්ත හා බංග්ලාදේශ කණ්ඩායම් 2024 මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන කාලයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළ තරග කාලසටහනට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම මැයි 23 වැනිදා සිට ජැමයිකාවේ දී විස්සයි 20 තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ද ජූනි පළමු වැනිදා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි.

අයි.පී.එල් අවසන් වටයේ තරග පැවැත්වෙන සතියට කොදෙව් – දකුණු අප්‍රිකා විස්සයි 20 තරගාවලිය යෙදී ඇති අතර, අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන කොදෙව් ක්‍රීඩකයින්ට ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන අවසන් තරගය දක්වා අයි.පී.එල් තරගාවලියේ රැදී සිටීමට කොදෙව් ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් නායක රොව්මන් පවෙල් හා ශිම්රන් හෙට්මයර් අදාළ විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

ජූලි මාසයේ දී කොදෙව් කණ්ඩායම එංගලන්ත ටෙස්ට් තරග සංචාරයක නිරත වන අතර, පසුව අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම යළි කොදෙව් සංචාරයක නිරත වන්නේ ටෙස්ට් තරග දෙකක් හා විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතව තිබෙනවා. එම සංචාරයෙන් පසුව ඔක්තෝබර් 31 වැනිදා සිට කොදෙව්වන් හා එංගලන්තය අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 5ක් කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම කැරිබියන් දූපත්හි තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 19 වැනිදා දක්වායි. එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

© CWI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...