මුම්බායි පරදා කොල්කටා නයිට් රයිඩර්ස් අවසන් වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 18 ක ජයක් ලබමින් තරගාවලියේ අවසන් වටයට (playoffs) සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 16 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිලට පන්දුවාර 16 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

කොල්කටා ඉනිම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් පන්දු 21 කින් ලකුණු 42 ක් රැස් කළ අතර, නිටිෂ් රානා ලකුණු 33 යි. අන්ඩ්‍රි රසල් ලකුණු 24 කටත්, රින්කු සිං ලකුණු 20 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර පන්දුවාර 3 ක් තුළ ලකුණු 31 කට කඩුල්ලක් දවා ගත්තා. ජස්ප්‍රිට් බුම්රා හා පියුෂ් චවුලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මුම්බායි පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉෂාන් කිෂන් පන්දු 22 කින් ලකුණු 40 ක් රැස් කළ අතර, තිලක් වර්මා ලකුණු 32(17) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා අන්ඩ්‍රි රසල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...