රිෂාබ් පාන්ට්ට තරග තහනමක් පනවයි – වැඩබලන නායකත්වය පටෙල්ට

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට එරෙහිව එක් තරගයක තහනමක් පනවා තිබෙනවා.

මැයි 7 වැනිදා දිල්ලිහී දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී දිල්ලි කණ්ඩායම නියමිත කාලය තුළ දී පන්දුවාර 20 යවා නිමා නොකිරීම හේතුවෙනුයි ඔහුට මෙම තහනම පනවා ඇත්තේ.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව බැංගලූරුහි එම් චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී හෙට (12) පැවැත්වීමට නියමිත තරගය සදහා රිෂාබ් පාන්ට් හට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මීට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් ද රිෂාබ් පාන්ට්ට පනවා තිබෙනවා.

එමෙන්ම අදාළ තරගයේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සෙසු සියලු ක්‍රීඩකයින්ට (Impact Player ද ඇතුළුව) රුපියල් ලක්ෂ 12 බැගින් වන දඩ මුදලක් හෝ තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවීමට ද පියවර ගෙන ඇති බවයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

මෙය පාන්ට්ගේ නායකත්වයෙන් දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර සංඛ්‍යාව නිමා නොකිරීමේ වරද සිදු කළ තෙවැනි අවස්ථාවයි.

තරග තීරකවරයා විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව දිල්ලි කණ්ඩායම විසින් අභියාචනයක් ගොණු කර තිබූ නමුත්, සිදු කෙරුණු විභාග කිරීමකින් අනතුරුව තරග තීරකවරයාගේ මෙම තීරණය අවසන් තීරණය බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ දී සෑම කණ්ඩායමකටම නියමිත පන්දුවාර 20 යවා නිමා කිරීමට මිනිත්තු 85 ක කාලයක් ලැබෙන අතර, රාජස්ථාන් පිලට එරෙහි අදාළ තරගයේ දී දිල්ලි ක්‍රීඩකයින් පන්දුවාර 20 යවා නිමා කිරීමට මිනිත්තු 117 ක පමණ කාලයක් ලබා ගෙන තිබුණා.

මේ අතර, රිෂාබ් පාන්ට්ට පැනවූ තහනම හේතුවෙන් අක්සාර් පටෙල් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...