ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු 100% කින් ඉහළට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ටෙස්ට් තරග සදහා ලබා දෙන තරග ගාස්තු සැලකිය යුතු මට්ටමින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩකයින් ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීම දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ටෙස්ට් තරග ජයග්‍රහනයකදී ලබා දෙන තරග ගාස්තු 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මේ වන විට ටෙස්ට් තරග ජයග්‍රහනයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 7,500 ක මුදලක්, එනම් රුපියල් ලක්ෂ 22 ක මුදලක් ක්‍රීඩකයෙකුට හිමිවන අතර, එය ඩොලර් 15,000 ක් දක්වා, එනම් රුපියල් ලක්ෂ 44 ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් වෙනුවෙන් ලබා දෙන තරග ගාස්තු ද ඩොලර් 12,500 ක් (රුපියල් ලක්ෂ 37 ක් පමණ) දක්වා ඉහළ නංවා ඇති අතර, පරාජයකදී ලබා දෙන තරග ගාස්තු ප්‍රමාණය ඩොලර් 10,000 ක් (රුපියල් ලක්ෂ 29 ක් පමණ) දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, එක්දින ජාත්‍යන්තර තරගයක් සදහා හා විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් සදහා ලබා දෙන තරග ගාස්තු ප්‍රමාණය ද ඉහළ නැංවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්.

ඒ අනුව මේ වන විට එක්දින තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට හිමි වන ඩොලර් 4000 ක (රුපියල් ලක්ෂ 12 කට ආසන්නයි) මුදල හා විස්සයි 20 තරගයක් වෙනුවෙන් හිමිවන ඩොලර් 3000 ක (රුපියල් ලක්ෂ 9 කට ආසන්නයි) මුදල සැලකිය යුතු අගයකින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...