ආබාධයක් හේතුවෙන් පතිරණ යළි ශ්‍රී ලංකාවට

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයකට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.

මෙම ආබාධය නිසා ඔහුට අද පස්වරුවේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ආරම්භ වූ තරගය මෙන්ම චෙන්නායි කණ්ඩායම මීට පෙර ක්‍රීඩා කළ තරගය ද අහිමි වුණා.

මතීෂ පතිරණ මෙවර අයි.පී.එල් අදියරේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග හය තුළ දී කඩුලු 13 ක් දවා ගැනීමට සමත්වුණා.

මීට දින කිහිපයට පෙර ද මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අවශ්‍ය වීසා වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පැමිණි අතර, පසුව ඔවුන් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ද ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක මතීෂ පතිරණ මෙම ආබාධයට ලක්ව ඇති බැවින් ඔහුට යළි අයි.පී.එල් තරගාවලියට එක්වීමට හැකි වනු ඇත්දැයි සැක සහිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේ දී ද මතීෂ පතිරණ පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරගය ද අහිමි වුණා.

චෙන්නායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් ද මේ වන විට ආබාධයකට මුහුණ දී සිටින අතර, ඔහුට ද තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන් ද මේ වන විට ජාතික සංචිතය සමග එක්වීම සදහා බංග්ලාදේශයට පිටත්ව ගොස් සිටින බැවින් චෙන්නායි කණ්ඩායම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දැඩි අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටිනවා.

චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයේ මේ වන විට රැදී සිටින එකම විදෙස් වේග පන්දු යවන්නා වන්නේ 36 හැවිරිදි එංගලන්තයේ රිචර්ඩ් ග්ලීසන් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...