ජඩේජාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ චෙන්නායි පිලට ලකුණු 28 ක ජයක්

Date:

පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් රවීන්ද්‍ර ජඩේජා දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හමුවේ මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

ධරම්ශාලා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

තුෂාර් දේශ්පාන්ඩේ පංජාබ් ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී ම ජොනී බෙයාර්ස්ටව්ගේ හා රයිලි රොසෝව්ගේ කඩුලු දවා ගනිමින් පංජාබ් හඹා යාමට දැවැන්ත අභියෝගයක් එල්ල කළා.

රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. සිමර්ජීත් සිං ලකුණු 16 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පංජාබ් ඉනිම වෙනුවෙන් ප්‍රබ්සිම්රන් සිං ලකුණු 30 ක් හා ශශාන්ක් සිං ලකුණු 27 ක් රැස් කළ අතර, රාහුල් චහාර් ලකුණු 16 කට දැවී ගියා. හර්ප්‍රීට් බ්‍රාර් නොදැවී ලකුණු 17 යි.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රවීන්ද්‍ර ජඩේජා. ඔහු ලකුණු 43 ක් ලබා ගත්‌තේ පන්දු 26 කින්. රුටුරාජ් ගයික්වඩ් ලකුණු 32 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂාල් පටෙල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අද ලැබූ ජයත් සමග චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ද සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...