දෙවැනි එක්දින තරගයෙනුත් ශ්‍රී ලංකා A කණ්ඩායමට ජය

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(30) සමත් වුණා.

එම ජයත් සමග කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්ව සිටිනවා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඇෆ්ඝනිස්තාන ඉනිම අතරවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 30 කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ. කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තාන ඉනිමේ සියලු දෙනා පන්දුවාර 27.2 ක් තුළ ලකුණු 121 කට දැවී ගියා.

කායිස් අහ්මඩ් ලකුණු 46 ක් හා ෆර්මනුල්ලාහ් ලකුණු 37 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස්, චාමික ගුණසේකර හා සහන් ආරච්චිගේ කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 101 ක ඉලක්කයක් හිමි වූ අතර, පන්දුවාර 15.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඔවුන් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවන් වූ ලහිරු උදාර ලකුණු 20 කටත්, නිශාන් මදුෂංක ලකුණු 14 කටත් දැවී ගියා. කමිල් මිෂාර නොදැවී ලකුණු 45 ක් ලබා ගත් අතර, නුවනිදු ප්‍රනාන්දු නොදැවී ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් සලීම් හා කායිස් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...