නයිට් රයිඩර්ස් වේග පන්දු යවන්නාට තරග තහනමක් පනවයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට එරෙහිව තරග තහනමක් පනවා තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග ඊයේ(29) පැවැති තරගයේ දී අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙනුයි ඔහුට එරෙහිව මෙලෙස එක් තරගයක තහනමක් හා තරග ගාස්තුවෙන් 100% ක දඩ මුදලක් පනවා ඇත්තේ.

පනවා ඇති තහනම හේතුවෙන් හර්ෂිත් රානාට ලබන 3 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මෙම තහනමට නිශ්චිත හේතුව කුමක්දැයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර නැහැ.

කැපිටල්ස් කණ්ඩායමේ අභිෂේක් පොරෙල් දවා ගැනීමෙන් පසුව එය විනය විරෝධී ලෙස සැමරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී ඔහු විසින් විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව සදහන්.

මීට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති තරගයකදී ද විනය නීති කඩ කිරීම හේතුවෙන් හර්ෂිත් රානාට එරෙහිව තරග ගාස්තුවෙන් 60% ක දඩ මුදලක් පනවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...