BAN v ZIM : සයිෆුදීන් කැදවමින් බංග්ලාදේශ T20 සංචිතය නම් කෙරේ

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මොහමඩ් සයිෆුදීන් කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. ඔහු අවසන් වරට බංග්ලාදේශ ජාතික විස්සයි 20 කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය ජනවාරි මාසය වනතුරු සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අතර, නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මොහමඩ් සයිෆුදීන් තරග 9කදී කඩුලු 15 ක් දවා ගැනීමට සමත් වුණා.

වමත් දග පන්දු යවන ක්‍රීඩක තන්වීර් ඉස්ලාම්, තුන් ඉරියව් ක්‍රීඩක අෆිෆ් හොසේන්, ආරම්භක පිතිකරුවන් වන තන්සිඩ් හසාන් හා පර්වේස් හොසේන් ද සංචිතයට ඇතුළත්.

තන්සිඩ් හසාන් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 15 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් කිසිදු විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ශකිබ් අල් හසාන් පළමු තරග තුන සදහා නම් කර නැතත්, ඔවුන් දෙදෙනා අවසන් තරග දෙක වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. මේ වන විට අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින මුස්ටර්ෆිසුර් මැයි දෙවැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 සංචිතයට ඇතුළත්ව සිටි අනමුල් හක්, තයිජුල් ඉස්ලාම් හා මොහමඩ් නයීම් මෙම සංචිතයට නම් කර නැහැ. ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී දණහිසක ආබාධයකට ලක් වූ සෞම්‍ය සාකාර් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බව ද සදහන්.

බංග්ලාදේශ – සිම්බාබ්වේ පළමු විස්සයි 20 තරග තුන Chattogram හී දී මැයි 3, 5 හා 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. අනතුරුව ඩකා හී දී අවසන් විස්සයි 20 තරග දෙක මැයි 10 හා 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Bangladesh squad for first three T20Is:

Najmul Hossain Shanto (c), Litton Das, Tanzid Hasan, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan, Parvez Hossain, Tanvir Islam, Afif Hossain, Mohammad Saifuddin

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...