CSK කණ්ඩායම ස්ථාන 3 කින් ඉදිරියට – අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සති අන්තයේ තරග ඊයේ(28) නිමාව දුටුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහන හිමි කර දෙමින්.

ඉන් ප්‍රසාද ලකුණු සටහනට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වූ තරගය බවට පත් වුණේ චෙන්නායි – සන්රයිසස් හයිදරබාද් තරගයයි.

ඉරිදා රාත්‍රියේ පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග මෙතෙක් 6 වැනි ස්ථානයේ රැදී සිටි සුපර් කිංග්ස් කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

චෙන්නායි කණ්ඩායම තරග 9කින් තරග 5 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10 කට හිමිකම් කියනවා. මේ වන විට ප්‍රසාද ලකුණු 10 බැගින් කණ්ඩායම් 5 ක් හිමි කර ගෙන ඇති අතර, එය තරගාවලියේ තරගකාරීත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා.

ඊයේ තරගයෙන් පරාජයට පත් වූ සන්රයිසස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් කුමාර් සංගක්කාරගේ පුහුණුකාරීත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් හිමි කර ගෙන සිටින අතර, අවසන් ස්ථානය හිමිව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමටයි.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...