විල් ජැක්ස් අලුත් කළ IPL වේගවත්ම ශතක දහයේ ලැයිස්තුව

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 46 ක් මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

තරගාවලියේ 44 වැනි තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඉරිදා පස්වරුවේ අහ්මදාබාද්හී දී පැවැති අතර, මෙවර තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉනිමක් ක්‍රීඩා කිරීමට එම තරගයේ දී බැංගලූරු කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස් සමත් වුණා.

ඔහු පන්දු 41 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේ හයේ පහර 10 ක් හා හතරේ පහර 5 ක් සමගින්. එය අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා වූ 5 වැනි වේගවත්ම ශතකය ද වීම කැපී පෙනෙනවා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ අයි.පී.එල් ඉතිහාසයේ දී වාර්තා වූ වේගවත්ම ශතක 10 පිළිබදවයි. එම පිතිකරුවන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ද ඇතුළත්.

  1. ක්‍රිස් ගේල් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) – පන්දු 30 කින් පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව 2013 වසරේ දී
  2. යූසුෆ් පතාන් (රාජස්ථාන් රෝයල්ස්) – පන්දු 37 කින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව 2010 වසරේ දී
  3. ඩේවිඩ් මිලර් (කිංග්ස් ඉලවන් පංජාබ්) – පන්දු 38 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව 2013 වසරේ දී
  4. ට්‍රැවිස් හෙඩ් (සන්රයිසස් හයිදරබාද්) – පන්දු 39 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව 2024 වසරේ දී
  5. විල් ජැක්ස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු) – පන්දු 41 කින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව 2024 වසරේ දී
  6. ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඩෙකෑන් චාර්ජර්ස්) – පන්දු 42 කින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව 2008 වසරේ දී
  7. ඒබී ඩි විලියර්ස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) – පන්දු 43 කින් ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව 2016 වසරේ දී
  8. ඩේවිඩ් වෝනර් (සන්රයිසස් හයිදරාබාද්) – පන්දු 43 කින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව 2017 වසරේ දී
  9. සනත් ජයසූරිය (මුම්බායි ඉන්දියන්ස්) – පන්දු 45 කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව 2008 වසරේ දී
  10. මයාන්ක් අගාර්වල් (කිංග්ස් ඉලවන් පංජාබ්) – පන්දු 45 කින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව 2020 වසරේ දී

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...