පන්දු 41 කින් ජැක්ස් ගහපු සුපිරි ශතකය RCB පිලට සුපිරි ජයක් ගෙනෙයි

Date:

විල් ජැක්ස් පන්දු 41 කින් නොදැවී රැස් කළ සුපිරි ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(28) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලූරු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම විශේෂත්වයක්.

විල් ජැක්ස් නොදැවී ලබා ගත් ලකුණු 100 හයේ පහර 10 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් වුණා. 16 වැනි පන්දුවාරය රෂීඩ් ඛාන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරය ආරම්භ වීමට පෙර විල් ජැක්ස්ට සිය ශතකය සම්පූර්ණ කිරීම සදහා ලකුණු 28 ක් අවශ්‍යව තිබුණා. RCB කණ්ඩායමට ජයග්‍රහනය සදහා අවශ්‍ය වූයේ ලකුණු 24 ක් පමණයි.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී ලකුණු 29 ක් වාර්තා කිරීමට ජැක්ස් හා කෝලි සමත් වුණා. එම පන්දුවාරයේ දී හයේ පහර 4 ක් හා හතරේ පහරක් එල්ල කිරීමට ජැක්ස් සමත් වීම කැපී පෙනුණා. ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ බැංගලූරු කණ්ඩායමට ජයග්‍රහනය සදහා එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබූ අවස්ථාවක දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි. (දර්ශන පහතින්)

විරාත් කෝලි නොදැවී ලකුණු 70 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නා. පන්දු 44 කින් වාර්තා වූ කෝලිගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 24 කට දැවී ගියා. එම කඩුල්ල දවා ගත්තේ සායි කිෂෝර් විසින්. ඔහුගේ දැවී යාමෙන් පසුව කෝලි හා ජැක්ස් දෙවැනි කඩුල්ලට පන්දු 74 කින් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 166 ක්.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් ඉනිම වෙනුවෙන් සායි සුදර්සන් පන්දු 49 කින් නොදැවී ලකුණු 84 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8ක් සමගින්. ශාරුක් ඛාන් ලකුණු 58(30) යි. හයේ පහර 5ක් හා හතරේ පහර 3 ක් ශාරුකගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ස්වප්නිල් සිං, මොහමඩ් සිරාජ් හා ග්ලේන් මැක්ස්වෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...