සහන්, නුවනිදු හා මදුෂ්කගේ දක්ෂතා හමුවේ පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(28) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 304 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමට අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 48 ක් පමණක් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලබා සිටියේ ලකුණු 277 ක් පමණයි.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් ඒ වන විට ජයග්‍රහනය සදහා ලකුණු 286 ක් ලබා ගත යුතුව තිබුණා. ඒ අනුවයි ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 8ක ජයක් හිමි වුණේ.

ඇෆ්ඝනිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Riaz Hassan ලකුණු 100 ක් හා Darwish Rasooli ලකුණු 75 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මොහමඩ් ශිරාස්, චාමික ගුණසේකර, චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 83 (67) ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමගින්. නිශාන් මදුෂ්ක ලකුණු 72 ක් ලබා ගත්තා. පන්දු 82 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්. කමිල් මිෂාර ලකුණු 48 යි.

ලහිරු උදාර ලකුණු 17 කටත්, පවන් රත්නායක ලකුණු 10 කටත්, නායක සහන් ආරච්චිගේ ලකුණු 18 කටත්, දුෂාන් හේමන්ත ලකුණු 20කටත් දැවී ගියා. චාමික කරුණාරත්න රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...