පාකිස්තානයට නව ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කෙරේ

Date:

පාකිස්තාන කණ්ඩායම සදහා නව ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු වන ජේසන් ජිලෙස්පි.

දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන ගැරී කර්ස්ටන් පාකිස්තාන සීමිත පන්දුවාර (ODI, T20I) කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙසයි පත් කර ඇත්තේ.

නවසීලන්ත තරගාවලිය සදහා තාවකාලිකව පුහුණුකරු ලෙස පත් කර සිටි අසාර් මහ්මුද් ඉදිරියේ දී තරග රටා ත්‍රිත්වයේම සහාය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

වසර දෙකක කාලයක් සදහා ඔවුන් තිදෙනා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

Grant Bradburn පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් පසුගිය ජනවාරි මාසයේ දී ඉවත් වීමත් සමග ප්‍රධාන පුහුණුකරු තනතුර මෙතෙක් පුරප්පාඩු වී පැවතුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...