බාබර්ගේ හා අෆ්රිඩිගේ දක්ෂතා පාකිස්තානය සම තැනින් නවතයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති 5 වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරමින් විස්සයි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හී දී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.

ටිම් සෙයිෆර්ට් පන්දු 33 කින් ලකුණු 52 ක් ලබා ගත් අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත් වුණා. ජොෂ් ක්ලාර්ක්සන් නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා. උසාමා මීර් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 69 ක් රැස් කළේ පන්දු 44 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ද සමගින්.

ෆකාර් සමාන් ලකුණු 43(33) යි. උස්මාන් ඛාන් ලකුණු 31 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...