සංජු – ජුරෙල්ගේ 121 ක සම්බන්ධතාවය රාජස්ථානයට 8 වැනි ජයත් ගෙනෙයි

Date:

සංජු සැම්සන්ගේ හා ද්‍රව් ජුරෙල්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

මෙම ජයත් සමග මේ වන විට මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග 9න් තරග 8ක්ම ජය ගැනීමට සමත්ව සිටින රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 16 කට හිමිකම් කියමින්.

ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක සංජු සැම්සන් පන්දු 33 කින් නොදැවී ලකුණු 71 ක් ද, ද්‍රව් ජුරෙල් පන්දු 34 කින් නොදැවී ලකුණු 52 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. සැම්සන්ගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා.

ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ල සදහා පන්දු 62 කින් වාර්තා වූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 121 ක්.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නායක කේ එල් රාහුල් ලකුණු 76(48) ක් හා දීපක් හූදා ලකුණූ 50(31) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...