අවසන් පන්දුවේ දී කොල්කටාවට ලකුණක තියුණු ජයක් – RCB 7 වැනි පරාජයත් ලබයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

මෙම පරාජයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින බැංගලූරු කණ්ඩායම තරග 8කින් පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලූරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 222 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේ දී බැංගලූරු කණ්ඩායමට ලකුණු 21 ක් අවශ්‍ය වූ අතර, මිචෙල් ස්ටක් යොමු කළ එම පන්දුවාරයේ පළමු, තෙවන හා සිව්වන පන්දුවලට හයේ පහර 3ක් එල්ල කිරීමට කර්න් ෂර්මා සමත් වුණේ බැංගලූරු කණ්ඩායම විශිෂ්ඨ ජයක් අභියසටම රැගෙන යමින්. කර්න් ෂර්මා පන්දු 7කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20 ක්.

ඔහු අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවට දැවී යාමත් සමග අවසන් පන්දුවට තරගය ජය ගැනීමට ලකුණු 3ක් (සුපිරි පන්දුවාරයකට ලකුණු 2ක්) බැංගලූරු කණ්ඩායමට අවශ්‍ය වූ නමුත්, එම පන්දුවේ දී දෙවැනි ලකුණ කරා දිව යමින් සිටියදී ලොකී ෆර්ගසන් දුවද්දී දැවී යාමත් සමග තරගයේ ජය කොල්කටා පිලට හිමි වුණා.

විල් ජැක්ස් පන්දු 32 කින් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4ක් සමගින්. රාජත් පටිදර් ලකුණු 52 ක් ලබා ගත්තේ පන්දු 23 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් ඇතුළත් වුණා. දිනේෂ් කාර්තික් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂිත් රානා හා සුනිල් නරේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් පිල් සෝල්ට් පන්දු 14 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 48 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 7 ක් ඔහුුගේ ඉනිමට ඇතුළත්.

නායක ෂ්රෙයස් අයියර් පන්දු 36 කින් ලකුණු 50 ක් ලබා ගත්තා. අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 27 (පන්දු 20) ක් හා රමන්දීප් සිං නොදැවී ලකුණු 24(9) ක් රැස් කළා. රින්කු සිං දැවී ගියේ ලකුණු 24 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් ලකුණු 35 කට කඩුලු 2ක් හා  යශ් දයාල් ලකුණු 56 කට කඩුලු 2 ක් දවා ගත්තා.

අවසන් පන්දුවාරයේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...