ලෝක වාර්තා මැද සන්රයිසස් කණ්ඩායමට ලකුණු 67 ක ජයක්

Date:

ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා හා ශහ්බාස් අහ්මඩ්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද්  කණ්ඩායම අද(20) සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 266 ක් ලබා ගනිමින්. එය අයි.පී.එල් ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ෂර්මා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නේ පන්දුවාර 6.2 ක් තුළ ලකුණු 131 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නගමින්.

පළමු පන්දුවාර 6 තුළ දී ලකුණු 125 ක් සන්රයිසස් කණ්ඩායම රැස් කළ අතර, එය නව ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසගත වුණේ පවර්ප්ලේ අවස්ථාව තුළ විස්සයි 20 තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම සන්රයිසස් කණ්ඩායම මෙම තරගයේ දී ලකුණු 100 වාර්තා කිරීම සදහා පන්දුවාර පහක් පමණක් වැය කළ අතර, එය ද නව ලෝක වාර්තාවක් බවට පත් වුණේ විස්සයි 20 තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වේගවත්ම ලකුණු 100 ලෙසයි.

හෙඩ් පන්දු 32 කින් වේගවත් ලකුණු 89 ක් රැස් කළා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 11 ක් සමගින්. අභිෂේක් ෂර්මා පන්දු 12 කින් ලකුණු 46 ක් ලබා ගත්තේ හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් සමගින්.

ශහ්බාස් අහ්මඩ් පන්දු 29 කින් නොදැවී ලකුණු 59 ක් රැස් කරමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 199 ක් පමණයි.

Jake Fraser-McGurk පන්දු 18 කින් වේගවත් ලකුණු 65 ක් රැස් කළේ හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් සමගින්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 15 කින් වාර්තා කළ අතර, එය මෙවර අයි.පී.එල් තරග වාරයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි.

රිෂාබ් පාන්ට් ලකුණූ 44 ක් හා අභිෂේක් පොරෙල් ලකුණු 42 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...