IPL පළමු මාසය අවසන් – ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගය ඊයේ(21) රාත්‍රියේ නිමා වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු තුනක ජයක් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

මුල්ලන්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 142 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු පහක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මේ වන විට අයි.පී.එල් තරගාවලිය ආරම්භ වී මාසයක කාලයක් ගතව ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් හිමි කර ගෙන ඇත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. රාජස්ථාන් කණ්ඩායම තරග 7කින් තරග හයක්ම ජය ගැනීමට සමත් වුණා.

කොල්කටා, හයිදරාබාද් හා චෙන්නායි යන කණ්ඩායම් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා.

ඊයේ ලැබූ ජයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 8කින් තරග 4ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියන අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

පංජාබ් කණ්ඩායම තරග 8කින් ජය ගෙන ඇත්තේ තරග දෙකක් පමණයි. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

තරග 8කින් එක් තරගයක් පමණක් ජය ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...