විස්ඩන් වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා නිවේදනය කෙරේ

Date:

සුප්‍රකට විස්ඩන් සගරාව විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් (Leading Cricketers in the World) ලෙස ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හා එංගලන්තයේ Nat Sciver-Brunt නම් කර තිබෙනවා.

වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා අතරට මෙවර ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්, ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හා තුන් ඉරියව් ක්‍රීඩිකා Ash Gardner එම පස්දෙනා අතරට ඇතුළත්.

ඊට ඇතුළත්ව ඇති සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ එංගලන්තයේ හැරී බෘෘක් හා මාර්ක් වුඩ්.

වසරේ ටෙස්ට් ඉනිමට හිමි සම්මානය මෙවර දිනා ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්. ඒ, ඔහු විසින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 163 වෙනුවෙන්.

වසරේ විස්සයි 20 ක්‍රීඩක/ක්‍රීඩිකාව සම්මානයෙන් (Leading T20 Cricketer in the world) මෙවර පිදුම් ලබා ඇත්තේ කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...