සුනිල්ගේ ශතකය අපතේ යවමින් බට්ලර්ගේ 107* රාජස්ථානයට ඓතිහාසික ජයක් හිමි කර දෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කරමින් මෙවර අයි.පී.එල් තරගාවලියේ 31 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු හා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අගහරුවාදා (16) සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ ජොස් බට්ලර් නොදැවී රැස් කළ සුපිරි ශතකය හමුවේයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 223 ක් ලබා ගත්තා. ඒ, ආරම්භක පිතිකරු සුනිල් නරේන් රැස් කළ සිය මංගල විස්සයි 20 ශතකයෙන් ශක්තිමත් වෙමින්.

පන්දු 56 කින් ඔහු ලබා ගත් ලකුණු 109 ට හයේ පහර 6ක් හා හතරේ පහර 13 ක් ඇතුළත්.

කෙසේ වෙතත්, එම ශතකය අපතේ යැවූ බට්ලර් පන්දු 60 කින් නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමි කර දුන්නා. ඔහුගේ ඉනිම හයේ පහර හයකින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා.

රියාන් පරාග් පන්දු 14 කින් ලකුණු 34 ක් හා රොව්මන් පවෙල් පන්දු 13 කින් ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිමට යම් දායකත්වයක් ලබා දුන්නා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 9ක් අවශ්‍ය වූ පසුබිමක, එම පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් බට්ලර් සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත් වුණා. බට්ලර් එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි සිය කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නේ.

9 වැනි කඩුල්ල සදහා බට්ලර් හා අවේශ් ඛාන් අතර ලකුණු 38* (15) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු නමුත්, අවේශ් ඛාන් එම සම්බන්ධතාවයේ දී කිසිදු පන්දුවකට මුහුණ නොදීම කැපී පෙනුණා.

තියුණු අවසානයක් ගත් තරගයේ අවසන් පන්දුවාරයට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...